25 C
Colombo
Monday, October 13, 2025

විදුලි සේවකයින් හෙට සහ අනිද්දා ලෙඩ වෙයි

Published:

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයට අනුව විදුලිය බිද වැටීම්, යාවත්කාලීන කිරීම්, බිල්පත් ගෙවීම් ආදි සේවා රාජකාරි කාලසීමාවේ පමණක් සිදුකරන බව විදුලි වෘත්තීය සමිති පවසනවා.

එසේම, අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට අමතරව හෙට සහ අනිද්දා ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක ද නිරත වීමට විදුලි වෘත්තීය සමිති තීරණය කර ඇති බවයි ඔවුන් කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ.

කෙසේ වෙතත්, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සඳහන් කළේ නව ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය හරහා රැකියා සුරක්ෂිතභාවයට කිසිදු හානියක් නොවන අතර, ඊට එකඟ නොවන පිරිසට ස්ව කැමැත්තෙන් ඉල්ලා අස්විය හැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,264FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img