30 C
Colombo
Tuesday, July 22, 2025

විදුලි සේවකයින් අද වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹෙයි

Published:

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත් කෙටුම්පතට විරෝධය පළකරමින් අද අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන බව විදුලි වෘත්තිය සමිති පවසනවා.

විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී වෘත්තීය සමිති 28 ක නියෝජිතයින් අද විරෝධතාවක් සිදු කරන බවයි කොළඹ දී ඊයේ ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් වෘත්තීය සමිති නියෝජිතයන් කියා සිටියේ .

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කෙටුම්පතේ ඇතැම් වගන්ති සම්මත කිරීමට නම් තුනෙන් දෙකක විශේෂ බහුතරයක් මෙන්ම ජනමත විචාරණයක් ද අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා කථානායකවරයා වෙත දැනුම් දුන්නා.

ඒ අනුව ආණ්ඩුව සැලසුම් කර ඇත්තේ කාරක සභා අවස්ථාවේදී ඊට අදාළ සංශෝධන කෙටුම්පතට ඇතුළත් කිරීමටයි.

විදුලිබල සංශෝධන කෙටුම්පත පිළිබද දෙවන වර කියවීමේ විවාදය අනිද්දා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,343FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img