අද (30) උදෑසන රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ රිච්ටර් මාපකයේ 8.8 ක ප්‍රබල භූකම්පන තත්ත්වයක් හට ගෙන තිබෙනවා.
මේ හේතුවෙන් කම්චැට්කා අර්ධද්වීපයට අඩි 13 ක් උස සුනාමිය රළ පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කකළේ.
ඇමරිකානු භූවිද්‍යා සමීක්ෂණයට අනුව, රුසියාවේ පෙට්‍රොපව්ලොව්ස්ක්-කම්චැට්ස්කි සිට සැතපුම් 85ක් පමණ දුරින් භූමිකම්පාව කිලෝමීටර් 19 ක් ගැඹුරට සිදුව තිබෙනවා.
භූකම්පනයෙන් පසුව e එක්සත් ජනපදය, පිලිපීනය, ඉන්දුනීසියාව, ඉක්වදෝරය, කොස්ටා රිකා සහ ජපානයේ වෙරළබඩ ප්‍රදේශ සඳහා ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත්කළ අතර, ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය අනතුරු අඟවන්නේ මීටර 1ක් දක්වා රළ ඇති විය හැකි බවටයි.
මීට අමතරව හවායි දූපත් සහ ඇලස්කාවේ ඇලූටියන් දූපත්වල කොටස් සඳහා සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමටද පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කෙසේ වෙතත් මේ භූකම්පනය හේතුවෙන් ඉන්දීය සාගරය තුළ සුනාමි තර්ජනයක් නොමැති බවයි අපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසන්නේ.