බදුල්ල – මහියංගනය මාර්ගයේ දුන්හිඳ – තිබිරිගස්පිටිය – හතරේ කණුව ප්‍රදේශයේදී චාරිකාවක් ගිය බස් රථයක් පෙරළී ඊයේ සිදුවූ අනතුර සම්බන්ධයෙන් එහි රියදුරු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදළ අනතුරින් පුද්ගලයින් තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු ඊට අයත්. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 33 දෙනෙකු පමණ තව දුරටත් බදුල්ල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් පොලිසිය පැවසුවේ.
ඒ අතර දරුවන් තුන්දෙනෙකු සිටින අතර ඉන් එක් කුඩා දරුවෙක් සහ කාන්තාවක් බරලතල තත්ත්වයෙ පසුවනවා.
අදාළ බස් රථය තඹුත්තේගම සිට පැමිණ ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මෙම අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අදාළ බස් රථයේ රියදුරු මේ වනවිට පොලිස් ආරක්ෂාව යටතේ, බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියා සිටියා.
බස් රථය පෙරලී යාමට හේතුව සම්බන්ධයෙන් ද පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.