නැගෙනහිර පළාතේ සියලුම රෝහල්වල රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් අද (13) වෛද්‍ය වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ අක්කරපත්තුව මුලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාට, පරිපාලන සහ මුදල් විෂාමාචාර සිදුවීම් ඇති නිසා ඔහු එම තනතුරින් ඉවත් කරන ලෙසත් එම තනතුර සඳහා වෙනත් අධ්‍යක්ෂකවරයෙකු පත් කරන ලෙසත් ඉල්ලමින්.
ඒ අනුව නැගෙනහිර පළාතේ මහා රෝහල් 02ක, ශික්ෂණ රෝහලක, මුලික රෝහල් 17ක, ප්‍රාදේශීය රෝහල් 52ක සහ ප්‍රාථමික වෛද්‍ය මධ්‍යස්ථාන 113ක මෙම වර්ජනය ක්‍රියාත්මකයි.



