ගාසාහි ඉන්දුනීසියානු රෝහලක හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු මෙන්ම එහි අධ්‍යක්ෂවරයා ද වන වෛද්‍ය Marwan Al-Sultan ඊශ්‍රායල ප්‍රහාරයකින් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ගාසා නගරයේ පිහිටි ඔහුගේ නිවසට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ඔහුගේ බිරිඳ සහ පවුලේ සාමාජිකයන් පස්දෙනෙකුද මිය ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.
එමෙන්ම ඔහු ගාසා තීරයේ ඉතිරිව සිටින හෘද රෝග විශේෂඥයින් දෙදෙනාගෙන් කෙනෙකු බවට සඳහන්.
මෙම ප්‍රහාරය හෙළා දකින බවයි ඔහුගේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සඳහන් කර ඇත්තේ.
වෛද්‍ය කණ්ඩායම්වලට එරෙහිව සිදු කරන සෑම අපරාධයක්ම ඊශ්‍රායලයේ ක්‍රමානුකූල සහ හිතාමතා සිදුකරන ඉලක්ක කිරීම් සනාථ කරන බවටයි ගාසාහී සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.
වෛද්‍ය නිලධාරීන් සහ යටිතල පහසුකම් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කිරීම ජාත්‍යන්තර නීතිය උල්ලංගණය කිරීමක් ලෙස අනතුරු ඇඟවීම් සිදුකළද එම අපරාධ දඬුවම් ලැබීමකින් තොරව සහ කිසිදු පරීක්ෂාවකින් තොරව අඛණ්ඩව සිදුවන බවටයි අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් ද අවධාරණය කරන්නේ.