24 C
Colombo
Tuesday, October 14, 2025

දේශබන්දුගේ අපේක්ෂිත ඇප ඉල්ලීම

Published:

තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින්, වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් නීතිඥ අජිත් පතිරණ මහතා කළ අපේක්ෂිත ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන අගෝස්තු 05 කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය නියෝග කළා.

එදිනට විශේෂ පොලීස් විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට අධිකරණයේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය නොතිසි නිකුත් කර තිබෙනවා.

අපේක්ෂිත ඇප ඉල්ලීම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් එදිනට ගොනුකරන ලෙසත් පොලිස් ස්ථානාධිපතිවරයාට මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

අරගලය පැවැති අවස්ථාවේ දී ජනාධිපති ලේකම් කාර්යාලයට අදාළ නඩුවක් ගොනු කර ඇති බැවින් එම සිද්ධිය සම්බන්ධයෙන් තමන් අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව පවසමින් හිටපු පොලිස්පතිවරයාඅපේක්ෂිත ඇප ඉල්ලුමක් ඉදිරිපත් කළ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය සිදු කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,270FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img