26 C
Colombo
Wednesday, October 15, 2025

කහතුඩුවේදී STF සමඟ වෙඩි හුවමාරුවකදී දෙහිවල වෙඩික්කරු මරුට

Published:

දෙහිවල දුම්රිය ස්ථානය අසලදී ‘බස් අසිත’ නැමැත්තාට වෙඩි තැබූ බවට චෝදනා එල්ල වී සැඟවී සිටි තුවක්කුකරු කහතුඩුවේදී විශේෂ කාර්ය බලකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකදී මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

දෙහිවල දුම්රියපොළ අසළදී පසුගිය (18) වැනිදා පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ශාන්ත කුමාර හෙවත් කොස් මල්ලිගේ පාර්ශවයෙන් සිදුකළ බවටයි මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ බස් අසිත නැමැත්තා ප්‍රදේශයේ තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන බඩෝවිට අසංකගේ ළඟම ඥාතියෙකු බව සඳහන්.

සුදත් කුමාර හෙවත් බස් අසිත නැමැති වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 46 හැවිරිදි පුද්ගලයා මේ වනවිට කලුබෝවිල ශික්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

බස් රථ හිමිකරුවෙකු ද වන ඔහු මුදල් පොලියට ලබා දෙන පුද්ගලයෙකු බවයි පොලිසිය පැවසුවේ.

බස් අසිත දෙහිවල දුම්රිය ස්ථානය අසල මෝටර් රථයක රැඳී සිටි අවස්ථාවේ දී කලු පැහැති යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු පිස්තෝල අවියක් භාවිත කර මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.

පසුව ඔවුන් දෙදෙනා වැල්ලවත්ත දෙසට පළා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,270FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img