30 C
Colombo
Monday, September 29, 2025

ආසියානු කුසලානයේ තීරණාත්මක ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන තරගය අද

Published:

ආසියානු කුසලාන T20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර තරගය අද (19) රාත්‍රී 8.00 ට අබුඩාබිහිදී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ B කාණ්ඩය යටතේ ශ්‍රි ලංකා කණ්ඩායම පෙරමුණේ පසු වන අතර ඇෆ්ගනිස්තාන කණ්ඩායම එහි තෙවන ස්ථානයේ පසුවනවා.

B කාණ්ඩයෙන් සුපිරි හතර වටයට තේරී පත්වන්නේ කවුරුන්ද යන්න තීරණය වීමට මෙම තරගය ඉතා වැදගත් වනවා.

සුපිරි හතර දෙනාගේ වටයට පිවිසීමට ඇෆ්ගනිස්ථානය අනිවාර්යයෙන්ම තරගය ජයගත යුතු අතර එසේ නොවුණහොත් එම අවස්ථාව බංග්ලාදේශයට හිමි වෙනවා.

ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 71කට වැඩි සංඛ්‍යාවකින් හෝ පන්දුවාර 11යි එක් පන්දුවකට පෙර ඇෆ්ගනිස්තාන කණ්ඩායම විසින් පරාජයට පත්වුවහොත් බංග්ලාදේශ සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම් සුපිරි හතර වටයට සුදුසුකම් ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,266FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img