30 C
Colombo
Tuesday, January 13, 2026

06 ශ්‍රේණිය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීම 2027 දක්වා කල් දැමීමට තීරණයක්

Published:

06 ශ්‍රේණිය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීම 2027 දි සිදු කිරීමට රජය තීරණය කර තිබෙනවා.

01 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාමාන්‍ය පරිදි 2026 වසරේ සිට ක්‍රියාත්මක වන බවයි අද (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කර සිටියේ.

ප්‍රශ්නගත 6 වන ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිදුකළ විමර්ශන වාර්තාව තුළින් ලද ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන ආයතනයේ පාලන සභාව විසින් අදාළ සිදුවීමට වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී කියා සිටියා.

ඒ අනුව,

1. මානව සම්පත් සංවර්ධනය
2. යටිතල පහසුකම් සංවර්ධනය හා පරිපාලන ප්‍රතිසංස්කරණ
3.තක්සේරු සහ ඇගයීමේ කටයුතු
4. විෂයමාලා සංවර්ධනය
5. මහජන දැනුවත්භාවය හා ප්‍රවර්ධනය යන ප්‍රධාන කුලුනු 5ක් මත අදාළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු එලෙසම ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,990FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img