වැඩතහනමට ලක්වූ විනිසුරුවරුන්ට අඩ වැටුප් ගෙවීමත් සමග ඔවුන්ට හිමි දීමනා කිහිපයක් නොගෙවීමට ද අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර ඇතැයි වාර්තා වනවා.
අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න අල්විස් මහතා විසින් ඊට අදාළ චක්‍රලේඛය සියලු මහාධිකරණ විනිශ්චයකාරවරුන් වෙත නිකුත් කර ඇතැයි සඳහන්.
විවිධ චෝදනාවලට ලක්වූ විනිසුරුවරුන්ගේ වැඩතහනම් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පසුගියදා පියවර ගෙන තිබුණු අතර එම විනිසුරුවරුන් සඳහා අඩ වැටුප් ගෙවීමක් සිදුකළ යුතු බවට ද එම කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
එම අඩ වැටුප් සමග ඔවුන්ට ගෙවිය යුතු දීමනා සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ විගණන හා කළමනාකරණ කමිටු රැස්වීමේ දී සාකච්ඡාවට භාජනය වී තිබෙනවා.
එහිදී එම කමිටුව විසින් තීරණය කර ඇත්තේ වැඩතහනමට ලක්වූ විනිසුරුවරුන් සඳහා අඩ වැටුප් ගෙවීමේ දී වෘත්තීය දීමනා, පුද්ගලික දීමනා, ජීවන වියදම් දීමනා සහ භාෂා දීමනා පමණක් අදාළ කරගත යුතු බවයි.
දුරකථන දීමනා, වාහන දීමනා, රියදුරු දීමනා, පොත් දීමනා, ගෙවල් කුලී දීමනා, අභියාචනා දීමනාව සහ ඉන්ධන දීමනාව අදාළ විනිසුරුවරුන්ට නොගෙවිය යුතු බවට විගණන හා කළමනාකරණ කමිටුව විසින් තීරණය කර තිබෙනවා.




kl888, hmm? Trying it out. So far so good. Worth a look, I guess. kl888
Yo, 23wincasino! Heard some folks buzzing about this one. Thinking of giving it a shot myself. Hope the payouts are legit, ya know? Gotta check out 23wincasino before I dive in too deep!