27.8 C
Colombo
Sunday, July 20, 2025

මීමුරේ අනතුරින් මිය ගිය ගණන 04ක් දක්වා ඉහළට

Published:

මීමුරේ කරඹගොල්ල ප්‍රදේශයේදී වෑන් රථයක් පෙරළීමෙන් ඊයේ (19) පස්වරුවේ සිදුවූ අනතුරින් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 04 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මීරිගම ප්‍රදේශයේ පිරිසක් විනෝද චාරිකාවක් සඳහා මී මුරේ ගම්මානයට ගමන් කරන අතරතුරයි මෙම අනතුරට මුහුණ දී තිබුණේ.

අනතුරට පත් වෑන් රථය අධික බෑවුම් සහිත ප්‍රධාන මාර්ගයකින් ඉහළ වංගුවේ සිට පහළ වංගුව දක්වා මීටර් 30ක් පෙරළී ගොස් යළි ප්‍රධාන මාර්ගය අසළ නැවතී තිබෙනවා.

අනතුරින් මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් තිදෙනෙක් සහ එක් පිරිමි පුද්ගලයෙකු වනවා.

එමෙන්ම තවත් කුඩා දරුවෙකු බරපතළ තුවාල ලබා තෙල්දෙණිය මූලික රෝහලට ඇතුළත් කර තිබුණා.

අනතුර සිදුවූ අවස්ථාවේදී වෑන් රථයේ පුද්ගලයින් 6 දෙනෙකු සිට ඇති අතර ප්‍රදේශවාසීන් එක්ව රථයේ සිටි පුද්ගලයින් ඉඅවතට ගෙන රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,340FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img