30 C
Colombo
Saturday, July 5, 2025

ගුවන් අනතුරෙන් මියගිය ගණන 290ක් දක්වා ඉහළට

Published:

ඉන්දියාවේ අහමදාබාද්හි ගුවන් අනතුරින් අවම වශයෙන් පුද්ගලයින් 290 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මියගිය සංඛ්‍යාවට ගුවන් යානයේ සිටි පුද්ගලයින් සහ අනතුර වූ ස්ථානයේ සිටි අය ද ඇතුළත් බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ.

එයාර් ඉන්දියා ගුවන් යානයේ සිටි 242 දෙනාගෙන් 241 දෙනෙකු අනතුරින් මිය ගිය බවයි ගුවන් සමාගම සඳහන් කර තිබෙන්නේ.

එම අනතුරින් එක් බ්‍රිතාන්‍ය ජාතික මගියෙක් දිවි ගලවා ගැනීමට සමත් වුණා.

ගුජරාටයේ අහමදාබාද් ප්‍රදේශයේ ඊයේ (12) දහවල් එයාර් ඉන්දියා ගුවන් සේවයේ ලන්ඩන් බලා යන බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් (AI171) ගුවන්ගත වී තත්පර 33කට පසුයි මෙසේ කඩා වැටුණේ. 

මගීන් 230 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු රැගත් ගුවන් යානය, මේඝානි නගර් ප්‍රදේශයේ පිහිටි බීජේ වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය නේවාසිකාගාරයකට කඩා වැදීමෙන් එම ගොඩනැගිල්ල ද ගිනිබත් වූවා. 

මියගිය අය අතර හිටපු ගුජරාට් මහ ඇමති විජේ රූපානි ද සිටියා. 

මියගිය අය අතරින් 169 දෙනෙකු ඉන්දියානු ජාතිකයන් වන අතර, 53 දෙනෙකු බ්‍රිතාන්‍ය ජාතිකයන්, එක් කැනේඩියානු ජාතිකයෙක් සහ 7 දෙනෙකු පෘතුගීසි ජාතිකයන් වන බවයි එයාර් ඉන්දියා නිල ප්‍රකාශයේ සඳහන් වන්නේ. 

යානයේ සිටි සියලුම මගීන්ගෙන්, 11A හි අසුන්ගෙන සිටි ඉන්දියානු සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතික විශ්වාෂ් කුමාර් රමේෂ් ඛේදවාචකයෙන් දිවි ගලවා ගත්තා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,200FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img