30 C
Colombo
Friday, September 5, 2025

video ඇල්ලේ බිහිසුණු බස් අනතුරෙන් මියගිය ගණන 15 ක් දක්වා ඉහළට

Published:

ඊයේ රාත්‍රියේ ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24වන සැතපුම් කණුව ආසන්නයේ සිදුවූ බිහිසුණු රිය අනතුරෙන් මියගිය පුද්ගලයින් ගණන මේ වනවිට 15ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කාන්තාවන් 9 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 6 දෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර තවත් ළමුන් 5 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු තුවාල ලබා බදුල්ල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

විනෝද චාරිකාවක් සඳහා තංගල්ලේ සිට ඇල්ල බලා පැමිණි තංගල්ල නගර සභා සේවක පිරිසක්, යළි තංගල්ල බලා යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ.

බස් රථය අඩි 500කට ආසන්න ප්‍රපාතයකට පෙරළී ඇතැයි සඳහන්.

අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් 30 කට වැඩි පිරිසක් බස් රථය තුළ සිට ඇති බව සඳහන් .

පුද්ගලයින් මුදාගැනීම සඳහා පොලීසිය, යුද හමුදාව, ගුවන් හමුදාව,ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සහ ප්‍රදේශවාසින් එක්ව සිටියා.

බස් රථය අනතුරට පත් ස්ථානයේ පැවැති දැඩි බැවුම් සහිත තත්ත්වය හේතුවෙන් පිරිස මුදා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවයි පොලීසිය පැවසුවේ.

මේ අතර අනතුර සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

බස් රථය ඇල්ල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය කරමින් සිට ඇති අතර ඉදිරියෙන් පැමිණි ජීප් රථයක ගැටී ප්‍රපාතයට පෙරළී ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුර සම්බන්ධයෙන් අදාළ ජීප් රථයේ රියදුරු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,512FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img