රුපියල් මිලියන 400ක් වටිනා කොකේන් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය තොගයක් රේගුව විසින් කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ සමඟ විදේශීය ජාතිකයෙකු ද අද (25) අලුයම අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
‘හරිත මාවත’ ඔස්සේ ( Green Channel) ගමන්කිරිමේ දී අත්අඩංගුවට පත්ව ඇති 52 හැවිරිදි කැනඩා ජාතිකයා එරට ඔන්ටාරියෝ හි පදිංච්කරුවෙකු බව සඳහන්.
අදාළ සැකකරු මත්ද්‍රව්‍ය තොගය කැනඩාවෙන් රැගෙන, කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ එතැන් සිට කටුනායක වෙත පැමිණ තිබෙනවා.
ඔහු විසින් රැගෙන ආ ගමන්මල්ල තුළ හෂීෂ්’ කිලෝ ග්‍රෑම් 12 යි ග්‍රෑම් 196 ක් සහ කොකේන් කිලෝ ග්‍රෑම් 5 යි ග්‍රෑම් 298 ක් තිබී සොයාගෙන තිබෙනවා.