ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ වැඩිම අදායම ලෙස පසුගිය මාසයේදී රුපියල් බිලියන 235ක් උපයා තිබෙනවා.
රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් නෝනිස් මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා රේගුව විසින් ආනයන හා අපනයනකරුවන්ගේ පහසුව සඳහා නිර්මාණය කරන ලද රේගු සටහන්කර දැනුම්දීමේ පද්ධතිය ජනගත කිරීමේ අවස්ථාවට එක් වෙමින්.
ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්තගේ ප්‍රධානත්වයෙන් ඊයේ මෙම පද්ධතිය ජන ගත කෙරුණා.
මෙම නව ක්‍රමවේදය හඳුන්වා දුන්නේ රේගු කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යාම මෙන්ම අපනයනකරුවන්ගේ විශ්වාසය ඇති කිරීමේ අරමුණින් .