හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද (26) දහවල් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව මේ වන විටත් පොලිස් කණ්ඩායම් හා මාර්ග බාධක යොදා ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීම සඳහා පිරිසක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පිහිටි ප්‍රදේශය ආසන්නයට පැමිණ ඇතැයි වාර්තා වෙනවා.
අධිකරණය පිහිටි මාර්ගයට කිසිවකුට ඇතුළු වීමට අවසර ලබා නොදීම හේතුවෙන්, ඔවුන් ඒ ආසන්නයේ ඇති කෝවිල ඉදිරිපිට මේ වන විට රැඳී සිටින බවයි සඳහන් වන්නේ.