28.9 C
Colombo
Thursday, July 10, 2025

අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ත අත්අඩංගුවට

Published:

සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ල සංජීව ඝාතනය ඇතුළු ඝාතන රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී රතු වරෙන්තු ලැබ සිටි මනුදිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ නමැත්තා සහ අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කමාන්ඩෝ සලින්ත නැමැත්තා මැලේසියාවේදී එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

කෙහෙල්බද්දර පද්මේ වෙනත් නමකින් එරටදී පෙනී සිට ඇති අතර ඔහු සම්බන්ධයෙන් තොරතුරු මෙරට පොලිසිය මගින් ලබාදී ඇතැයි සදහන්.

2018 වසරේදී ඔහුගේ පියා වෙඩි තබා ඝාතනය කෙරුණ අතර ඒ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණේ සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ල සංජීවට සහ සමන් රෝහිත පෙරේරා හෙවත් පස් පොඩ්ඩාටයි.

පසුව කෙහෙල්බද්දර පද්මේ ඩුබායි වෙත පලා ගිය අතර එහි සිට ඝාතන රැසක් මෙහෙයවා තිබුණු බවද පැවසෙනවා.

මෑතකදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී ගනේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීම ද කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ත විසින් මෙහෙයවූ බවට වාර්තා විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,223FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img