තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ දී හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍යය සඟවා තිබියදී අත්අඩංගුවට ගත් ලොරි රථයේ හිමිකරු එළැඹෙන 29 වනදා දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ගල්කිස්ස පොලීසියට නියෝග කර තිබෙනවා.
සැකකරු රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සීනිමෝදර නිවසේ පුද්ගල මළසිරුරු දෙකක් හමු වු නිවස ආසන්නයේ තිබී මද්‍රව්‍ය සඟවා තිබූ මෙම ලොරි රථය පොලීසිය විසින් ඊයේ (22) සොයාගන තිබුණා.
ඒ අනුව, පොලිස් විශේෂ කාර්ය බලකා නිලාධාරීන් විසින් එම ලොරි රථයේ හිමිකරු වන මෙම පුද්ගලයාව හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 140ක් සමග අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිස්ථානය වෙත ඉදිපත් කර තිබුණා.