24.5 C
Colombo
Tuesday, January 13, 2026

උදය ගම්මන්පිල ගොනු කළ පෙත්සම 24දා යළි කැඳවයි

Published:

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා ලබන 24 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මම පෙත්සම ගොනුකර තිබෙනවා.

පෙත්සම්කාර උදය ගම්මන්පිල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේ.

කෙසේ වෙතත් උදය ගම්මන්පිල මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමට තීරණයක් ගෙන නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා අභියාචනාධිකරණයට දැනුම් දී තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,983FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img