කොළඹ වරායේ සිරවී තිබූ කන්ටේනර් තොගය අද (29) වන විට සම්පූර්ණයෙන්ම නිෂ්කාශනය කර අවසන් බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ පවසනවා.
මේ අනුව, වරායේ භාණ්ඩ නිෂ්කාශන කටයුතු යථා තත්ත්වයට පත් වී ඇති බව රේගු ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.
මෙතෙක් පැවති බහලුම් තදබදය හේතුවෙන් ව්‍යාපාරික ප්‍රජාවට සහ ආනයනකරුවන්ට විවිධ ගැටලු රැසකට මුහුණ දීමට සිදු වුණා.