29.5 C
Colombo
Thursday, August 21, 2025

නිලන්ත ජයවර්ධනට එරෙහි පෙත්සම සලකාබැලීම ඔක්තෝබර් 14

Published:

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධනට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයාට හා පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම සලකා බැලීම සඳහා ඔක්තෝබර් මස 14 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධනට එරෙහිව මෙලෙස අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට පියවර ගන්නා ලෙසයි අදාළ පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ.

සමාජ හා සාමායික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා සහ පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයෙකු වන සුරාච් නිලංග විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

පෙත්සම කැඳවීමෙන් අනතුරුව අභියාචනාධිකරණය විසින් එය සලකා බැලීම සඳහා මෙසේ දින නියම කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img