23.4 C
Colombo
Friday, November 28, 2025

පාසල් දිනවලදී ඛනිජ ප්‍රවාහනය සම්බන්ධයෙන් පැනවූ කොන්දේසි වෙනස්වෙයි

Published:

පාසල් පැවැත්වෙන දිනවල පෙ.ව. 06.30 සිට පෙ.ව. 07.45 දක්වා සහ පෙ.ව. 11.30 සිට ප.ව. 02.30 දක්වා කාලය තුළ ඛනිජ ප්‍රවාහන කටයුතු සිදු කිරීම අත්හිටුවීම සම්බන්ධයෙන් පනවන ලද නව කොන්දේසිය සංශෝධනය කර තිබෙනවා.

පනවන ලද නව කොන්දේසිය අනුව ඉදිකිරීම් කර්මාන්තයට අදාළව දහවල් කාලයේ දී ඛනිජ ප්‍රවාහනයට ඇතිවන දැඩි බලපෑම මත ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිටින කර්මාන්තකරුවන් සිදු කරනු ලබන බලවත් ඉල්ලීම සැළකිල්ලට ගෙන, ඔවුන්ට ඇතිවන අපහසුතාවයන් සළකා බලා මෙම සංශෝධනය කිරීමට තීරණයකර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, ඉහත කාලසීමාවන් තුළ දී පාසල් අසළ හා සිසුන් පාර මාරුවන ස්ථාන අසළ ඛනිජ ප්‍රවාහන කටයුතු සිදු කිරීම, වාහන වල වේගය සීමාවීමකින් යුතුව පොලිස් නිලධාරීන්ගේ දැඩි අධීක්ෂණය යටතේ සිදු කළ යුතුයි.

ඒ අනුව ඊයේ (17) දින සිට පාසල් පැවැත්වෙන දිනවල පෙ.ව. 06.30 සිට පෙ.ව. 07.45 දක්වා සහ පෙ.ව. 11.30 සිට ප.ව. 02.30 දක්වා කාලසීමාවන් තුළ ඛනිජ ප්‍රවාහනයේ යෙදීම නව කොන්දේසි සංශෝධනය අනුව සිදු කළ යුතු බව දැනුම් දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,479FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img