31.7 C
Colombo
Monday, July 7, 2025

මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට හිටපු ජනපති මෛත්‍රීට එරෙහිව පැමිණිල්ලක්

Published:

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව මුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධව පැමිණිල්ලක් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ඉදිරිපත්ව තිබෙනවා.

2019 වසරේදී එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එප්පාවල සමුපකාර සමිතියට අයත් භූමියක ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් ජනාධිපති අරමුදලින් රුපියල් දෙකෝටි හැත්තෑපන් ලක්ෂයක මුදලක් අවභාවිත කිරීමක් සිදුකර ඇති බවට චෝදනා කරමින් මෙම පැමිණිල්ල ගොනු කර ඇත්තේ එප්පාවල සමූපකාර සමිතියේ උප සභාපති ලක්ෂ්මන් ජයවර්ධන විසින්.

උත්සව ශාලා ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් අදාළ ඉඩම ලබාගෙන තිබෙන බවත් ඒ සඳහා රුපියල් කෝටි දහතුනක ක මුදලක් ඇස්තමේන්තුගත කර තිබූ බවත් පෙන්වා දෙන පැමිණිලිකරු එම ගොඩනැගිල්ල ඉදිකිරීමට යුද හමුදාවේ ශ්‍රම දායකත්වය ලබා ගැනීමට තීරණය කළ බැවින් රුපියල් හත් කෝටි හැත්තෑ තුන් ලක්ෂයකට මෙහි ඉදිකිරීම් ආරම්භ කළ බවයි පැමිණිල්ල පෙන්වා දී ඇත්තේ.

ගොඩනැගිල්ල ඉදිකිරීම් ආරම්භ කිරීම වෙනුවෙන් පළමු අදියර යටතේ රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක මුදලක් ලබා දී තිබෙන බවත් මේ වන විට ගොඩනැගිල්ලේ ඉදිකිරීමේ කටයුතු අතරමග නතර වී තිබෙන බවත් සඳහන් කර ඇති පැමිණිලිකරු පෙන්වා දෙන්නේ මෙහි මුදල් අවභාවිතා කිරීමක් සිදුව තිබෙන බැවින් අදාළ ගොඩනැගිල්ල ලබා ගැනීමට ප්‍රශ්නයක් වී ඇති බවයි.

මේ අතර මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ ඔහු සඳහන් කර ඇත්තේ, එම පැමිණිල්ලේ සඳහන් කරුණු අසත්‍ය ඉතාමත් සාවද්‍ය කරුණු වන බවයි.

එමෙන්ම, තවදුරටත් හිටපු ජනපතිවරයා සඳහන් කර ඇත්තේ, “ඉහත කරුණු සම්බන්ධයෙන් ඕනෑම පරීක්ෂණයකට මා සතුටින් ඉදිරිපත් වන අතර මෙවැනි ප්‍රචාරය යවා අසත්‍ය චෝදනා කරමින් කිසිදු වංචාවකට හෝ දුෂණයකට සම්බන්ධ නොමැති මා සම්බන්ධයෙන් කරන චරිත ඝාතන තරයේ හෙලා දකිමි.’ යනුවෙන්.

අදාළ නිවේදනය පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,214FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img