ජාතික ජන බලවේගය විසින් කොළඹ මහ නගර සභාවේ බලය හිමිකරගෙන තිබෙනවා.
ඒ ාද පැවති කොළඹ මහ නගර සභාවේ මංගල සැසියේ නගරාධිපතිවරයා තේරීම සඳහා පැවති ඡන්ද විමසීමේදී.
ඒ අනුව මහ කොළඹ නගර සභාවේ නගරාධුපති ධුරය හිමිවූයේ ව්‍රායි කැලී බල්තසාර්ටයි.
ඡන්ද 61ක් ලබා ගැනීමට ඇය සමත් වුණා.
විපක්ෂය වෙනුවෙන් තරග කළ රීසා සාරුක්ට දිනා ගැනීමට හැකි වූයේ ඡන්ද 54 ක් පමණයි.
නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීමක් කොළඹ නාගරික කොමසාරිස්වරිය විසින් යෝජනා කළ අතර ඊට ජාතික ජන බලවේගය විසින් රහස්‍ය ඡන්දයක් සහ සමගි ජන බලවේගය විසින් විවෘත ඡන්දයක් යෝජනා කළා.
එහිදී ඡන්දය රහස්‍ය ඡන්දයක් ද විවෘත ඡන්දයක් යන්න සභාව තුළ උණුසුම් තත්ත්වයක් ඇති කරනු ලැබුවා.
කෙසේ වෙතත් අවසානයේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත් වීමට කොළඹ නාගරික කොමසාරිස්වරිය තීරණය කළා.