23.9 C
Colombo
Tuesday, January 13, 2026

අගෝස්තුවේ පොල් මිල ආයෙත් නගී

Published:

අගෝස්තු මාසය පමණ වන විට නැවත වරක් පොල් මිල ඉහළයාමේ අවදානමක් පවතින බව අනුරාධපුර දිස්ත්‍රික් පොල් ගැනුම්කරුවන්ගේ සංගමය පවසනවා.

පොල් වගාව සඳහා රජයේ කිසිදු අනුග්‍රහයක් හෝ පහසුකම් ලබා නොදීම හේතුවෙන් මේ වන විට පොල් වගාවන්ට අත්ව ඇති ඉරණම හමුවේ අගෝස්තු මාසය පමණ වන විට නැවත වරක් පාරිභෝගිකයාට දැරිය නොහැකි අන්දමට පොල් මිල ඉහළයාමේ අවදානමක් පවතින බවයි එම සංගමයේ සභාපති වීරකෝන් බණ්ඩාර මහතා පවසන්නේ.

රිලවුන් , වඳුරන් සහ දඬුලේනුන් විසින් පොල් වගාවට හානි කරන බව පවසමින් වත්මන් රජය විවිධ මාධ්‍ය සාකච්ඡා පැවැත්වුවද රජය සිදු කළ යුත්තේ පොල් ඉඩම් කට්ටිකර විකිණීම නතර කිරීමට කටයුතු කිරීම හා පොල් පොහොර මිල අඩුු කරමින් ක්ෂේත්‍ර නිලධාරින් හරහා වගාවන් සිදුකිරීමට අවශ්‍ය උපදෙස් ලබාදීම හා එම වගා කරුවන් උනන්දු කරවීම බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කලේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,984FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img