චෙම්මනි සමූහ මිනීවළ භූමියේ සිදුවෙමින් පවතින දෙවැනි අදියර කැණීම් කටයුතු ඊයේ (6) අවසන් වුණා.
ඒත් සමඟ, හඳුනාගත් මුළු අස්ථි කොටස් 240 න් මේ දක්වා පූර්ණ මිනිස් ඇටසැකිලි 239 ක් හඳුනාගෙන තිඇතැයි සඳහන්.
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය විසින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණ හරහා වෙන් කරන ලද මූල්‍ය ප්‍රතිපාදන මත පදනම්ව, දින 45ක් පුරා පැවති දෙවැනි අදියරේ කැණීම් කටයුතු සිදු කෙරුණා.
මීට අදාළ නඩුව සැප්තැම්බර් 18 වැනිදා විභාගයට ගැනීමට නියමිත අතර, එහිදී ඊළඟ අදියර සඳහා මූල්‍ය ප්‍රතිපාදන පිළිබඳ වාර්තා අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කිරිමට නියමිතයි.