31.1 C
Colombo
Friday, February 27, 2026

සාකච්ඡා මැද විදුලි වෘත්තීය සමිති සමාජිකයින් පිටව යයි

Published:

විදුලි වෘත්තීය සමිති හා විදුලිබල මණ්ඩලයේ ප්‍රධානීන් අතර අද (20) විදුලිබල මණ්ඩල මූලස්ථානයේදී පැවති සාකච්ඡාව අතරතුරදී විදුලි වෘත්තීය සමිති සමාජිකයින් විරෝධය පලකරමින් ඉන් පිටව ගොස් තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ අධ්‍යක්ෂවරයාද සාකච්ඡාව සඳහා සභාගි වී සිට ඇති අතර ඔහුට විරෝධය පළකරමිනුයි විදුලි වෘත්තීය සමිති සමාජිකයින් මෙලෙස ඉවත් වී ඇත්තේ.

විදුලි සේවකයින් විසින් ආරම්භ කළ අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හෙට දක්වා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම විදුලි වෘත්තීය සමිති සඳහන් කරන්නේ, ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් 24 වනදා තීරණයක් ගැනීමට නියමිත බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,499FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img