27.8 C
Colombo
Wednesday, August 27, 2025

එයාර් ඉන්දියා ගුවන් අනතුරට හේතුව

Published:

ඉන්දියාවේ අහමදාබාධීදී සිදුවූ එයාර් ඉන්දියා ගුවන් අනතුරේ මූලික වාර්තාව නිකුත් වී තිබෙනවා.

ගුවන් අනතුරට පෙර යානයේ ඉන්ධන ස්විචය ක්‍රියා විරහිත වීම යානය කඩා වැටීමට හේතුවී ඇති බවයි එහි දැක්වෙන්නේ.

අහමදාබාද් සිට ලන්ඩන් බලා පිටත් වූ ඉන්දියන් ගුවන් සමාගමට අයත් බොයිං 787 යානය පසුගිය මාසයේදී මෙලෙස කඩාවැටී අනතුරට ලක් වුණේ ජීවිත 260 ක් අහිමි කරමින්.

එමෙන්ම අනතුර සිදුවන අවස්ථාව වන විට නියමුවන් දෙදෙනා අතර ව්‍යාකූල තත්ත්වයක් පෙන්නුම් කරන බවත් ඔවුන්ගේ හඩ පටවලට අනුව එක් නියමුවකු අනිත් නියමුවාගේ මෙම ක්‍රියාව ඔහු අතින් සිදු වූවේද යන්න විමසා ඇති බවත් සඳහන් කර තිබෙනවා.

ඊට ප්‍රතිචාර දක්වමින් අනිත් නියමුවා එසේ නොමැති බව ප්‍රකාශ කර තිබුණු බව ද අදාළ වාර්තවේ සදහන්.

කෙසේවෙතත් විශේෂඥයින් සඳහන් කළේ, ආරක්ෂිත අගුල හේතුවෙන් ඉන්ධන ස්විච දෙකම ක්‍රියා විරහිත වීම අතිශය දුර්ලබ සිදුවීමක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,439FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img