31.7 C
Colombo
Friday, February 27, 2026

කෙහෙළිය පවුලට එරෙහි නඩුව ඔක්තෝබර් 15 කැඳවයි

Published:

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තුන්දෙනා සහ බෑණාට එරෙහිව රුපියල් මිලියන 97කට ආසන්න වටිනාකමකින් යුත් වත්කම් සහ දේපොළ අයථා ලෙස අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ඔක්තෝබර් මස 15 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

නඩුව අද (01) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා.

මෙහිදී විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිය විසින් ඉල්ලා සිටින ලේඛන 12ක් මේ දක්වා පැමිණිල්ල විසින් තමන්ට ලබාදී නොමැති බව කියා සිටියා.

අල්ලස් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව හදිසියේ අධිචෝදනා පත්‍ර ගොනුකළත් ඊට අදාළ ලේඛන විත්තියට භාරදීමක් නොකරන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා මෙය වැරදි පූර්වාදර්ශයක් බවත් සඳහන් කළා.

ඒ අනුව නඩු විභාගයට මුහුණදීම සඳහා තම සේවාදායකයාට ලේඛන 12ක් අවශ්‍ය තිබෙන බවත් ඒවා මෙතෙක් ලැබී නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා.

මෙහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල් සුභාෂිනි සිරිවර්ධන මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිය විසින් ඉල්ලා සිටින ලේඛන පිළිබඳ සොයා බලා ඒවා කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව සඳහන් කළා.

විත්තිය විසින් ඉල්ලා සිටින ඇතැම් ලේඛන මේ වනවිටත් පැවැත්වෙන විමර්ශනවලට අදාළ වන බවත් සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කළා.

එහිදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා සඳහන් කළේ, නඩු විභාගය සඳහා එම ලේඛන විත්තියට ඉතා වැදගත් බවයි.

ඒ අනුව අදාළ ලේඛන කඩිනමින් විත්තිය වෙත ලබාදීමට කටයුතු කරන ලෙස අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජෙනරාල්වරිය වෙත දැනුම් දුන් විනිසුරුවරයා මෙම නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ඔක්තෝබර් මස 15 වනදා කැඳවන ලෙස නියම කළා.

2020 වසරේ අගෝස්තු මස 13 වනදා සිට 2024 වසරේ ජුනි මස 24 වනදා දක්වා කාල සීමාව තුළ ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍යංශවල කටයුතු කළ සමයේ අයථා ලෙස රුපියල් මිලියන 97කට අධික වත්කම් උපයා ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණයය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ බිරිඳ කුසුම් ප්‍රියදර්ශනී ඈපා, ඔහුගේ දියණියන් වන චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල, චන්දුලා රමාලි රඹුක්වැල්ල, අමාලි නයනිකා රඹුක්වැල්ල සහ බෑණා වන ඉසුරු පුලස්ති බණ්ඩාර පොල්ගස්දෙණිය යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබෙනවා.

4 COMMENTS

  1. Looking for reliable garage door maintenance near you? Our expert technicians provide fast, affordable service to keep your garage door running smoothly and safely. From inspections and tune-ups to spring and opener adjustments, we handle it all. Prevent costly repairs—schedule professional garage door maintenance near you today for dependable performance.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,498FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img