31 C
Colombo
Thursday, July 17, 2025

කැනඩාවේ මහජන ආරක්ෂක ඇමති ගැරී ආනන්දසංගරීට LTTEයට සහාය දුන් බවට චෝදනාවක්

Published:

එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුට පුරවැසිභාවය ලබාගැනීම සඳහා සහාය පළකර ඇති බවට ශ්‍රී ලංකා සම්භවයක් සහිත කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍ය ගැරී ආනන්දසංගරීට චෝදනා එල්ල වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ ශ්‍රී ලාංකිකයෙකු වන සෙන්තුරන් සෙල්වකුමාර් නැමති හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුට කැනඩාවේ පුරවැසිභාවය ලබා දීමට සහය පළ කිරීම සඳහා ගැරී ආනන්දසංගරී විසින් ලිපි දෙකක් යොමු කර ඇති බවයි.

2016 වර්ෂයේ දී හා 2023 වර්ෂයේ දී කැනේඩියානු දේශ සීමා නියෝජිත ආයතනය වෙත අදාළ ලිපි යොමුකර ඇති බව සඳහන්.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටිය දී ආනන්දසංගරී විසින් මෙම ලිපි යොමුකර ඇති අතර අදාළ පුද්ගලයා සෘජුවම එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධ බවට එරට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් අවස්ථා කිහිපයක දී පුරවැසිභාවය ලබා දීමේ ඔහුගේ ඉල්ලුම් පත්‍රය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා.

මානුෂීය කරුණු පිළිබඳ සලකා බලා හා සෙන්තුරන් සෙල්වකුමාර් නැමති අදාළ පුද්ගලයාගේ පවුල විසිරීයාමට සාධක පවතින බැවින් ඔහුට කැනඩාවේ නිත්‍ය පුරවැසිභාවය ලබාදීමට පියවර ගන්නා ලෙස ගැරී ආනන්දසංගරී අදාළ ලිපි මගින් ඉල්ලීම් කර ඇති බව සඳහන්.

කෙසේවෙතත් එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් සංවිධානයක් බැවින් ආනන්දසංගරී සිදුකර ඇත්තේ ත්‍රස්තවාදයට සහය පළ කිරීමක් බව ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා වල සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,328FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img