බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ වැඩ තහනම් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ (09) අද රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයක් අනුවයි.
ජනපති සමාව අනීතිකව භාවිත කර රැඳවියන් නිදහස් කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ පැය 10 ක කාලයක් ප්‍රකාශ ලබාගෙන තිබුණා.
තුෂාර උපුල්දෙනිය මහතාගෙන් පෙරේදා රාත්‍රියේද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 5 ක කාලයක් ප්‍රකාශ ලබාගෙන තිබුණා.