32 C
Colombo
Sunday, October 12, 2025

ආසන පටි නීතිය කල් දමන්නැයි බස් සංගම් ඉල්ලයි

Published:

බස්රථ රියදුරන් සඳහා ආරක්ෂිත ආසන පටි පැළදීම අනිවාර්ය කිරිමේ නීතිය ක්‍රියාත්මක කිරීම කල් දමන්නැයි, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ, පැරණි බස් රථවල ආසන පටි නොමැති බැවින් ඒවා සවි කර ගැනීමට කාලයක් අත්‍යාවශ්‍ය බවයි.

මෙම තීරණය ජුලි 01 වනදා සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල පසුගියදා ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ එම නීතිය ක්‍රියාත්මක විය යුතු වුවද ඊට මැදිහත් වීමට ජාතික ගමනාගමන කොමිසමට බලයක් නොමැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,264FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img