28.9 C
Colombo
Saturday, July 5, 2025

සියයට 0.55ක් අඩුවූ බස් ගාස්තුව අද සිට ක්‍රියාත්මකයි

Published:

වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව සියයට 0.55ක ප්‍රතිශතයකින් අඩු වූ බස් ගාස්තුව අද සිට ක්‍රියාත්මකයි.

ජුලි මස 01 වනදා සිට වාර්ෂික බස් ගාස්තු සියයට 2.5කින් පහල දමන බව ගමනාගමන කොමිසම මීට පෙර ප්‍රකාශ කළද පසුගිය පළමුවනදා සිදුවූ ඉන්ධන මිල සංශෝධනයට අනුව ඩීසල් මිල රුපියල් 15කින් ඉහළ ගියා.

ඒ අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභාව කියා සිටියේ නව ඉන්ධන මිල ගැලපුමට අනුව බස් ගාස්තු අඩුකළ හැක්කේ සියයට 0.55ක ප්‍රතිශතයෙන් පමණක් බවයි.

නව ගාස්තු සංශෝධනය යටතේ සාමාන්‍ය සේවා අවම බස් ගාස්තුව වන රුපියල් 27, දෙවන ගාස්තු අවස්ථාව වන රුපියල් 35 මෙන්ම රුපියල් 45 ගාස්තුවේ වෙනසක් සිදුවන්නේ නැහැ.

නව ගාස්තු සංශෝධනයට අනුව, රුපියල් 56, 77, 87, 117, 136, 141 ඇතුලූ ගාස්තු අවස්ථා කිහිපයක් අඩුවන්නේ රුපියලකින්.

ඊට අමතරව සෙසු ගාස්තු අවස්ථා රුපියල් 2,3 ආදී වශයෙන් අඩුවන අතර, සාමාන්‍ය සේවා උපරිම ගාස්තුව වන රුපියල් 2170 රුපියල් 11 කින් අඩුවනවා.

එසේම, මෙම බස් ගාස්තු අඩුවීම සාමාන්‍ය සේවා, අර්ධ සුඛෝපභෝගී සේවා, අධි සුඛෝපභෝගී සේවා මෙන්ම අධිවේගී මාර්ගවල සියලූ බස් රථ සදහා අදාළ බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,201FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img