31.7 C
Colombo
Monday, July 7, 2025

ජයවර්ධනපුර රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය මහේෂී සූරසිංහගෙන් සැත්කම් කළ අයගෙන් අල්ලස් කොමිසම තොරතුරු ඉල්ලයි

Published:

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂී සූරසිංහ විජේරත්න විසින් EVD සහ VP SHUNT ශල්‍ය උපකරණ භාවිතයෙන් ස්නායු ශල්‍යකර්ම සිදුකරන ලදුව එම අයිතම බාහිර ආයතනවලින් ලබාගැනීමට සැලැස්වීමෙන් රෝගීන්ට අලාබ සිදුකිරීම ඇතුළුව තවත් චෝදනා කීපයක් යටතේ විමර්ශන කටයුතු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිශන් සභාව විසින් මේ වන විට සිදුකරමින් පවතින බව එම කොමිසමේ මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා.

එලෙස ශල්‍යකර්මයන්ට භාජනය වූ අගතියට පත්වූ 77 දෙනෙකුගෙන් පමණ මේ වන විට ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.

එලෙස අගතියට පත්වූ පුද්ගලයින් හෝ මෙම අක්‍රමිකතා ගැන තොරතුරු දන්නා වෙනත් පුද්ගලයින් අදාළ තොරතුරු කොමිෂන් සභාව වෙත ලබාදෙන ලෙසයි එම කොමිසම ඉල්ලා සිටින්නේ.

ඒ අනුව 1954 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේත් ciaboc_gen@ciaboc.gov.lk යන විද්‍යුත් ලිපිනය ඔස්සේ අදාළ තොරතුරු කොමිසම වෙත ලබාදිය හැකියි.

අදාළ නිවේදනය පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,214FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img