31.7 C
Colombo
Monday, July 7, 2025

බ්‍රැඩ්මන් වීරකෝන් අභාවප්‍රාප්ත වෙයි

Published:

මෙරට අගමැතිවරුන් 7 දෙනෙකු හා ජනාධිපතිවරු තිදෙනෙකු යටතේ ලේකම් ධුරයේ කටයුතු කළ කීර්තිමත් රාජ්‍ය පරිපාලන නිලධාරියෙකු මෙන්ම ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයෙකුව සිටි බ්‍රැඩ්මන් වීරකෝන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඒ මහතා 94 වන වියේ පසුවුණි.

කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලයයේ මුලික අධ්‍යාපනය ලබා පසුව ගුරුතලාවේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ද්වීතීය අධ්‍යාපනය ලැබූ බ්‍රැඩ්මන් වීරකෝන් මහතා පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා.

ආර්ථික විද්‍යාව සහ සමාජවිද්‍යාව විෂයයන්ගෙන් ගෞරව උපාධියක් ලැබූ ඔහු Fulbright ශිෂ්‍යත්වයක් ලබා අමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන් විශ්වවිද්‍යාලයයෙන් සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති (MA) උපාධියක්‌ හිමිකර ගත්තා.

1954 දී ශ්‍රීමත් ජෝන් කොතලාවල අග්‍රාමාත්‍ය වරයාගේ ලේකම්වරයා ලෙස පත්වු එතුමා ඉන්පසුව අඛන්ඩව 1956 බලයට පත්වූ S.W.R.D බණ්ඩාරනායක මහතාගේ මෙන්ම බණ්ඩාරනායක ඝාතනයෙන් පසු අග්‍රාමාත්‍ය තනතුරට පත්වූ විජයානන්ද දහනායක මහතාගේ සහ 1960 බලයට පත්වූ ලොව ප්‍රථම අග්‍රාමාත්‍ය වරිය වූ සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනියගේත් 1965 බලයට පත්වූ අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතාගේත් ලේකම් ධූරයන් දරමින් 1954 සිට 1970 දක්වා වසර 16 ක් අඛන්ඩව අග්‍රාමාත්‍ය ලේකම් ධූරය වැනි භාරධූර තනතුරක කටයුතු කරමින් රාජ්‍ය සේවය තුල පිහිටුවා ඇති වාර්ථාව කිසිදා බිදිය නොහැක්කක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,214FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img