26 C
Colombo
Sunday, October 12, 2025

බෝයිං ගුවන්යානයක එන්ජිමක් ගුවනේදී ගිනි ගනියි

Published:

බොයිං 767 මාදිලියේ ගුවන්යානයක එන්ජිමක ඇතිවූ ගින්නක් හේතුවෙන් ලොස්ඇන්ජලීස් ගුවන්තොටුපළට හදිසි ගොඩබෑමක් සිදුකර තිබෙනවා.

මෙලෙස එන්ජිම ගිනි ගැනීමට ලක්ව ඇත්තේ ඇට්ලන්ටා ගුවන්තොටුපළ බලා පියාසර කරමින් තිබූ ඩෙල්ටා ගුවන්සේවයට අයත් ගුවන් යානයක්.

ගොඩබිම සිටි පුද්ගලයකු ලබාගත් වීඩියෝවකින් යානයේ එක් එන්ජිමකින් ගිනිදැල් පිටවන ආකාරය පැහැදිලව දර්ශනය වනවා.

කෙසේ වෙතත් ලොස් ඇන්ජලීස් ගුවන්තොටුපළට ගුවන් යානය ආරක්ෂිතව ගොඩබස්සවා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,266FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img