භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට (07) යෙදී තිබෙනවා.
කාන්තාවන්ට පැවිද්ද සඳහා අවසර ලබාදෙමින් මහා ප්‍රජාපති ගෝතමී දේවිය ඇතුළු කාන්තාවන් 500 දෙනෙකු බුදු සසුනේ පැවිදි වීම අද වන් පොහෝ දිනක සිදුවූ බව ශාසන ඉතිහාසයේ සඳහන්.
අෂ්ට ගරු ධර්ම බුදුන්වහන්සේගෙන් විමසා ආනන්ද හිමියන් විසින් එය මහා ප්‍රජාපතිගෝතමී දේවියට පහදා දීමෙන් පසුව ගරුධර්ම ආරක්ෂා කරන බවට ප්‍රතිඥා ලබාදුන්නේද අදවන් දිනකයි.
තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන්, බුදුන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරන ලද ගිරිහඬු සෑය ඉදිකිරීමත්, බුදුන් වහන්සේගේ ලාලාට ධාතු තැන්පත් කර සේරුවාවිල මහා සෑය ඉදිකිරීමත් මෙම පොහොය දිනයේදී සිදුකර ඇතැයි සඳහන්.
වස් සමයේ අතරමැදි පොහොය ලෙස ද මෙම බිනර පොහොය සැලකේ.
බිනර පුරපසළොස්වක පොහොය වෙනුවෙන් දිවයින පුරා පිහිටි වෙහෙර විහාරස්ථානවල දී අද දිනයේ ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ආගමික වැඩසටහන් සංවිධාන කර තිබෙනවා.