27.8 C
Colombo
Monday, July 14, 2025

දෙවන T20 තරගයේ ජය බංග්ලාදේශයට

Published:

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අද (13) දඹුල්ලේ පැවති දෙවන විස්සයි20 ක්‍රිකට් තරග‍යෙන් ලකුණු 83ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 177ක් රැස් කළා.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Towhid Hridoy ලකුණු 31 ක්, නායක Litton Das ලකුණු 76 ක් හා Shamim Hossain ලකුණු 48 ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් බිනුර ප්‍රනාන්දු කඩුලු 3 ක් නුවන් තුෂාර කඩුලු 3 ක් මහීෂ් තීක්ෂණ එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 15යි පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 94ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 32ක් රැස් කළ අතර දසුන් ශානක ලකුණු 20 යි. කුසල් මෙන්ඩිස් ලකුණු 08කට දැවී ගිය අතර නායක චරිත් අසලංක ලකුණු 05කට සහ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 02කට දැවී ගියා.

පන්දු යැවීමේ දී රිෂාද් හොසේන් කඩුලු 3ක් දවා ගත් අතර ෂොරිෆුල් ඉස්ලාම් සහ මොහොමඩ් සයිෆුඩීන් කඩුලු 2 බැගින් ද මුස්තාෆිසුර් රහ්මන් සහ මෙහිදි හසන් මිරාස් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,241FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img