24 C
Colombo
Sunday, October 12, 2025

තහනම් පිරමීඩ යෝජනා ක්‍රම ව්‍යාප්තියට එරෙහිව දැනුම්වත් කිරීමේ සතියක් හෙට සිට

Published:

තහනම් පිරමිඩ යෝජනා ක්‍රම ව්‍යාප්තියට එරෙහිව ජාතික වශයෙන් දැනුම්වත් කිරීමේ සතියක් හෙට (14) සිට ජූලි 18 වන දින දක්වා පැවැත්වීම ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.

“අහෝ දුකකි, පිරමිඩ උගුලකි” යන තේමාව යටතේ මෙම දැනුම්වත් කිරීමේ වැඩසටහන පැවැත්වීමට කටයුතු සම්පාදනය කර තිබෙනවා.

මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගැනීම හා මූල්‍ය පාරිභෝගිකයන්ගේ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම යන මහ බැංකුවේ කාර්යභාරයන්ට සමගාමී ව තහනම් පිරමිඩ යෝජනා ක්‍රම පිළිබඳ ව හා ඒවා මගින් තනි පුද්ගලයන්ට මෙන් ම සමස්ත ආර්ථිකයට සිදුවන සැළකිය යුතු අවදානම් පිළිබඳ ව පුළුල් වශයෙන් දැනුම්වත් කිරීම මෙම ජාතික වැඩසටහනේ ඉලක්කයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,265FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img