ආසියානු කුසලාන විස්සයි T20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තරග ආරම්භ කරමින් ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය අද (20) පැවැත්වීමට නියමිතයි.
තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8ට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වනවා.
සුපිරි 4 වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම තරග 3 කට ක්‍රීඩා කරනවා.
ඒ යටතේ ශ්‍රී ලංකාව එළැඹෙන 23වනදා පාකිස්තානයට එරෙහිව අබුඩාබිහිදී හා සැප්තැම්බර් 26 වනදා ඉන්දියාවට එරෙහිව ඩුබායිහිදී ක්‍රීඩාකිරීමට නියමිතයි.
සුපිරි 4 වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇති.