25.6 C
Colombo
Monday, January 12, 2026

අත්අඩංගුවට ගත් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් අද අධිකරණයට

Published:

අමෙරිකානු එක්සත් ජනපද හමුදා විසින් පසුගිය 03වනදා කරකාස් අගනුවර සිදු කළ විශේෂ හමුදා මෙහෙයුමකින් අත්අඩංගුවට ගත් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් අද (05) ප්‍රථම වරට එක්සත් ජනපද ෆෙඩරල් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මත්ද්‍රව්‍ය, ත්‍රස්තවාදී කුමන්ත්‍රණ සිදු කිරීම, ආයුධ සහ විනාශකාරී උපකරණ ළඟ තබා ගැනීම සහ එම ආයුධ මගින් අමෙරිකාවට එරෙහිව කුමන්ත්‍රණ සිදු කිරීම යන චෝදනා මත මධුරෝ සහ ඔහුගේ බිරිඳට අධිචෝදනා ගොනු කර තිබෙනවා.

ඒ අනුව අදාළ නඩුව මැන්හැටන්හි පිහිටි ෆෙඩරල් අධිකරණයේදී අද දහවල් කාලයේදී ආරම්භ වීමට නියමිතයි.

එරට අධිකරණ දෙපාර්තමේන්තුව චෝදනා කරන්නේ, මධුරෝ සහ අනෙකුත් වෙනිසියුලානු නායකයින් වසර විස්සකට වැඩි කාලයක් තිස්සේ, එක්සත් ජනපදයට කොකේන් ආනයනය කිරීමට පහසුකම් සැලසීම සඳහා ඔවුන්ගේ රජයේ තනතුරු භාවිතා කර ඇති බවටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,980FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img