28.4 C
Colombo
Saturday, July 5, 2025

පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් නිකුත් කෙරේ

Published:

2026 වර්ෂයේ පාසල්වල පළමු ශ්‍රේණිය සඳහා ළමයින් ඇතුළත් කිරීමට අදාළව අයදුම්පත් හා උපදෙස් සංග්‍රහය නිකුත් කර තිබෙනවා.

අයදුම්පත් අදාළ සියලු ලේඛන සමඟ තමන්ට අදාළ වන පාසල්වල ප්‍රධානීන් වෙත 2025 අගෝස්තු 04ට ප්‍රථම ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් ඉදිරිපත් කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.

සියලු ම සුදුසුකම් සපුරාලිය යුත්තේ 2025 ජූනි 30 දිනට වලංගු වන අතර ජුනි 30 දිනට පැවතිය යුතු සුදුසුකම එදිනට සපුරා ඇත්නම්, ඒ බව තහවුරු කිරීම සඳහා අයදුම්පත සමඟ ඉදිරිපත් කරනු ලබන ලේඛන අයදුම්පත් බාරගන්නා අවසන් දිනට හෝ ඊට පෙර දිනයකදී නිකුත් කර ඇත්නම් එම ලේඛන වලංගු ලේඛන සේ සලකා බලනු ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,201FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img