31.7 C
Colombo
Sunday, July 6, 2025

අනුරාධපුර බන්ධනාගාර නිලධාරීන් විත්ති කූඩුව අසලින් ඉවත් කරයි

Published:

අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාගේ නඩු විභාගය පැවැත්වෙන අතරතුර අනුරාධපුර බන්ධනාගාර නිලධාරීන් විත්ති කූඩුව අසලින් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ මෙම නඩුව අරතරතුර අනුරාධපුර බන්ධනාගාර නිලධාරීන් විත්ති කූඩුව අසල රැඳී සිටීම පරීක්ෂණවලට බාධාවක් බව රජය පාර්ශවයෙන් ඉදිරිපත් වූ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය විසින් කළ ප්‍රකාශයකින් අනතුරුවයි.

එම අවස්ථාව වන විට එතැන රැඳී සිටි අනුරාධපුර බන්ධනාගාර නිලධාරියකු විසින් මහේස්ත්‍රාත්වරයාට කියා සිටියේ ප්‍රධාන පෙළේ අපරාධකරුවන් අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කර ඇති බැවින් ආරක්‍ෂාව සඳහා තම නිලධාරින් එම භූමියේ රැඳී සිටින බවයි.

කෙසේ වෙතත් නියෝජ්‍යයේ සොලිස්ටර් ජෙනරාල්වරියගේ ප්‍රකාශයෙන් පසුව බන්ධනාගාර අධිකාරිවරයා සිටි විත්ති කූඩුව අසලින් අනුරාධපුර බන්ධනාගාර නිලධාරින් ඉවත්ව බෝගම්බර බන්ධනාගාරයේ නිලධාරීන් පමණක් රැඳී සිටි බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,207FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img