30.6 C
Colombo
Sunday, July 6, 2025

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අද නෑ

Published:

බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරි දින දෙක තුළ තීරණය කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය සඳහන් කළේ, ජාතික ගමනාගමන කොමිසම රැස්වී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි.

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජුලි මස පළමුවන දින සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණ ද ඉන්ධන මිල සංශෝධනයත් සමග එය අද (01) දිනයේ ක්‍රියාත්මක නොවන බව නයෝමි ජයවර්ධන මහත්මිය සඳහන් කළා.

මාසිකව සිදුවන ඉන්ධන මිල සංශෝධනය අනුව ජූලි මාසයට අදාලව ඉන්ධන මිල ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,206FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img