පාසල්වල සේවය කරන සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැවගේ අත්සනින් යුතුවයි.
2023 මාර්තු මස 25 වන දින පාසල්වල සේවය කරන සංවර්ධන නිලධාරීන් ඇතුළුව රජයේ සේවයේ නියුතු උපාධිධාරී නිලධාරීන් ගුරු සේවයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිත ව තිබු තරග විභාගයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ නඩු කටයුතු කිහිපයක් මේ වන විට අවසන්ව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.
එහෙත් අභියාචනාධිකරණයේ විභාග වන නඩු කටයුත්ත මේ වන විටත් අවසන් ව නොමැති හෙයින් එම නඩුවේ ද තීන්දුව ලබා දීමෙන් පසුව ඉහත විභාගය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුකෙරෙනු ඇතැයි අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසනවා.




Took a peek at ZX88COM. It’s a solid option. Nothing that really blew me away, but it does the job. If you’re looking for something reliable, give it a whirl. Check it out: zx88com
Hey, just signed up on s666welcome and the vibe is pretty good! Easy to navigate and the games are decent. Definitely worth checking out! s666welcome