31.7 C
Colombo
Sunday, July 6, 2025

සත්ත්ව සංගණනයේ වාර්තාව එළිදකී

Published:

කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් මාර්තු 15 වැනිදා ක්‍රියාත්මක කළ ජාතික සත්ත්ව සංගණනයයේ වාර්තාව මීට සුළු මොහොතකට පෙර ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී.

එම වාර්තාවලට අනුව දිවයින පුරා,

රිලවු – මිලියන 5.71
වඳුරෝ – මිලියන 1.74
මොණරු – මිලියන 4.24
දඬුලේන්නු – මිලියන 2.26

සිටින බවයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්‍යේක්ෂණ පුහුණු ආයතනයේ අධ්‍යක්ෂක ප්‍රධාන විධායක නිලධාරී ඒ. එස් සන්ධික පවසා සිටියේ.

මේ අතර සත්ත්ව සංගණනය සඳහා මිලියන 2.7ක මුදලක් වැය වී ඇති බව කෘෂි අධ්‍යක්ෂක හේමන්ත අමරසිංහ පවසනවා.

විස්තර පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා විසිහතර ලක්ෂ හැත්ත අටදාහක් වැය වී ඇති බවයි ඔහු අධ්‍යක්ෂකවරයා පවසා සිටියේ.

විස්තර පත්‍රිකා මිලියන 7ක් මුද්‍රණය කර ඇති අතර ඒ අනුව එක් පත්‍රිකාවක් මුද්‍රණය කිරීම සඳහා ශත 30ක මුදලක් වැය වී ඇති බවයි අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,207FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img