25.6 C
Colombo
Sunday, August 24, 2025

සබරගමුව සරසවියේ දූෂණ ගැන සොයන්න පරීක්ෂණ කමිටුවක්

Published:

සබරගමුව විශ්වවිද්‍යාලයේ මතුව ඇති සියලු‍ දූෂණ සහ අක්‍රමිකතා සොයාබැලීමට ස්වාධීක පරීක්ෂණ කමිටුවක් පත් කිරීමට, කෝප් කමිටුව නිර්දේශ කර තිබෙනවා.

එහිදී වර්තමාන පාලන අධිකාරියේ කිසිදු නිලධාරියෙකු අදාළ කමිටුවට සම්බන්ධ කර ගැනීමකින් තොරව එම පරීක්ෂණ කමිටුව පත්කර, හැකි ඉක්මනින් අදාළ විමර්ශන සිදුකර අවසන් කරන ලෙස එම කමිටුව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබුණා.

විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටියදී සියදිවි නසාගත් චරිත් දිල්ශාන් සිසුවාගේ සිදුවීම පිළිබඳ දීර්ඝ ලෙස පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේදී සාකච්ඡා වී තිබෙනවා.

එහිදී පාලනාධිකාරිය අතින් යම් ආකාරයකින් ශිෂ්‍ය ක්‍රියාකාරකම් පිළිබද සොයාබැලීම මගහැරී ඇති බව නිරීක්ෂණය වන බවයි එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර කියා සිටියේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් කාර්යක්ෂම, ස්වාධීන පරීක්ෂණයක් සිදු කිරීමට මෙහිදී කාරක සභාව උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම ශිෂ්‍ය නේවාසිකාගාර තුළ ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳව ද පාලනාධිකාරියට ලිඛිතව දැනුම්දී තිබූ බව ශිෂ්‍ය විනය පාලකවරයා, මෙම කාරක සභාව හමුවේ ප්‍රකාශ කර තිබුණා.

මේ අතර 2022 වසරේදී ඉඹුල්පේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ ඉල්ලීමකට කොන්ත්‍රාත්කරුවෙකු සඳහා විශ්වවිද්‍යාල භූමියෙන් පස් කියුබ් 500ක ප්‍රමාණයක් නොමිලේ කපාගෙන යාමට අවසර ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,366FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img