ශ්‍රී ලංකා රේගුව මඟින් රඳවා ගෙන සිටින BYD විද්‍යුත් වාහන 506 ක් අමතර බැංකු ඇපකරයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුදාහැරීමට ශ්‍රී ලංකා රේගුව අද අභියාචනාධිකරණය හමුවේ එකග වී තිබෙනවා.
ඒ අදාළ වාහන ආනයනය කළ සමාගම විසින් ගොනුකර තිබෙන පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී.
මෙම වාහනවල මෝටරයේ ධාරිතාව කිලෝ වොට් 100 ද කිලෝ වොට් 150 ද යන්න නිගමනය කිරීම සඳහා මොරටුව හා පේරාදෙණිය විශ්වවිද්‍යාලවල විශේෂඥ මහාචාර්යවරු දෙදෙනෙකු සහ බී.වයි.ඩී. සමාගමේ ඉංජිනේරුවරු දෙදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බව පසුගිය නඩු වාරයේදී අනාවරණ වුණා.