26.1 C
Colombo
Monday, March 2, 2026

කොස්ගොඩ වෙඩිතැබීමකින් තරුණයෙක් මරුට

Published:

අද (31) අලුයම 5.15ට පමණ කොස්ගොඩ දූවමෝදර ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් තරුණයෙකු මියගොස් තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යු.වුට්ලර් මහතා පැවසුවා.

වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ 23 හැවිරිදි තරුණයෙකු බව සඳහන්.

ටී 56 ගිනි අවියක් මෙම වෙඩි තැබීම සඳහා භාවිත කර ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

කොස්ගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
7,342FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img